සභාපතිතුමන්ගේ පණිවිඩය

මුල් පිටුව > සභාපතිතුමන්ගේ පණිවිඩය

සභාපතිතුමන්ගේ පණිවිඩය

සිලෝන් ස්ටීල් සමූහය

ලොවේ ඕනෑම තරගකරුවෙකු අභිබවා යා හැකි විභවය ශ්‍රී ලංකාව සතුවේ

ව්‍යවසායකයකු ලෙස ශ්‍රී ලංකාව මා දකින්නේ කප්පරක් සුබවාදී අවස්තා සලසාලන දේශයක් ලෙස යි. මේ සත්‍යථාවය මා හට පසක් වුයේ මා උපන් දේශයේ සිටිය දී නොව ඉන් බැහැරව සිටිය දීයි.

Like most of the youth of the ‘80s, I too migrated, thinking greener pastures are to be had over there. But I can vouch now, in Sri Lanka the prospects are much richer and brighter and greater –though I had my share of good fortune in rising from the ranks up the corporate ladder to pow vow with the renowned and the famous of the business world, and I myself became successful in my endeavors.

මේ අවබෝධය සහිතවයි මා මාගේ උපන් දේශය වෙත සිත යොමු කළේ.

ව්‍යාපාර ලොවේ අති දෑවයැන්තයින් හා උරෙන් උර ගැටී මා සාර්තකත්වයක් ලැබුවේ නම් එය එසෙ වුයේ එතෙරදී සුලූතරයක් වූ දෛවෝපගත යහපත් අවස්තාවන් මා ලද නිසාය. එය එසේ වුයේ නම් සියලූ සම්පත්තින්ගෙන් විශේෂිතව අධ්‍යාපනයෙන් පූර්ණව කුසලතා හෙබි තාරුණ්‍යයෙන් ආඩ්‍ය වූ මාගේ මාතෘභූමිය කෙ සේ නම් සශ්‍රීකත්වයක් ලැබිය යුතු වේද.

මෙයයි මාගෙ දැක්ම.

මවු දේශයට පැමිණි වහාම මාගේ මුල්ම කාර්යය වූයේ කොරියන් සමාගමකට අයත්ව තිබී විකිණීමට නියමිතවූ චිකො ලෙස නම් දැරූ ලංකා වානේ සංථාව මිලදී ගැනීමයි. එය සිදුවූයේ 2009 වර්ශයේදීය. ලක්මවට හිමි වානේ දෑවැන්තයා මෙම මිලදී ගැනීම නිසා ගිලිහීගිය මාණික්‍යයක් ලක් මැණියගේ කිරීටයේ යළි තැන්පත් කෙරුවා සේ විය. ජාතියේ ම පන්නරය වන වානේ යළිත් වරක් සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් ලෙසින් අභිෂේක ලැබීය. ඉනික්බිතිව හොරණ ග්‍රාමයේ ආයෝජන කලාපයේ රිජිඩ් කෝපරේෂන් නමින් අංග සම්පූර්ණ අතිනවීන ටයර් නිෂ්පාදනාගරයක වැඩ ආරම්බකරන ලදී. නිහතමානී ආඩම්බරයකින් යුක්තව කිවහැකි කාරනාව වන්නේ මේ වනවිටත් එම ටයර් නිෂ්පාදනාගාරයෙන් ටයර් තොග පිටරැටියන් විසින් ඇනවුම් ලබන බවයි. දේශයට පුදකළ මාගේ තුන්වන ව්‍යවසයකත්වය වන්නේ හම්බන්තොට ආයෝජන මණ්ඩල කලාපයේ දිවයිනේ යටිතල සංවර්ධනය උදෙසා ලංවා සංස්ථා වානේ දැක්වූ පන්නරයට පන්නරයක් වෙමින් ඉහල නිෂ්පාදන ධාරිතා වයකින් යුක්ත නව පන්නයේ පරිසර හිතකාමී සිමෙන්ති කම්හලක් ආරම්භකිරීමයි.

මෙ සියල්ල ඉෂ්ට සිද්ද කරනු සඳහා මා පොළඹවනු ලබන්නේ දැයේ කුසලතා පූර්ණ තාරුණ්‍යයි. ඔවුන් සතු වූ එම විභවය රටේ උන්නතිය වෙනුවෙන් යොදවන්නට නම් අවශ්‍යවන්නේ ලොව හා තරග කළහැකි හෙට දවසේ තාක්ෂණය හා තාක්ෂණික දැණුුම අද මෙහි ස්තාපිත කිරීමයි. එවිට දැයේ දක්ශයින් එතෙර නොගොස් හැදුනු වැඩුනු තම උපන් රටේම හිද සේවය සලසනු ඇත.

එවිට රටත් ජාතියත් ආර්ථීකව සමාජයීයව හා කාර්මිකව ප්‍රවේගකාරී ඉදිරියක් වෙත ගමන්කුරනු ඇතිවග කිවයුත්තක් නොවනු ඇත.

steel sri lanka
නන්දන ලොකුවිතාන මහතා