පුරෝගාමියකුගේ පුරාවෘතය
පූර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස නූතන වානේ නිෂ්පාදනය රටට හඳුන්වා දුන් පුරෝගාමිය වන්නේ සිලෝන් ස්ටීල් කෝපරේෂන් ආයතනයයි. 1960 දශකයේ 260 ශක්ති ඛාන්ඩයට අයත් මෘදු වානේ කම්බි නිෂ්පාදනයෙන් ඇරැඹි කාර්මීකරණය එවක රටෙහි පැවති කෘෂි ආර්ථීක නැඹුරුව කාර්මික ආර්ථීකයක් වෙත යොමුකරන්ට තරම් සමත් වූ යෝධ පිම්මක් විය.
ආරම්භයේදී ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවදානය කොන්ක්‍රීට් වැරගන්වන වානේ කම්බි වුවත් කෝණ දඬු පැතලි දඬු කටුකම්බි කම්බි දැල් වානේ ඇණ මෙන්ම වෑල්ඩින් කූරු ද නිෂ්පාදනය වූයේ රටෙහි පැවති අවශ්‍යතා සපුරාලීම සඳහාය.
වානේ නිෂ්පාදනාගාරයේ ඊළඟ අදිරය වුයේ TOR ලෙස හඳුන්වනු ලැබූ නිෂ්පාදන ක්‍රියාවලියේ වරලත් ලංකා නියෝජිතයා වීමයි.මේ අවසරයෙන් දාර සහිත දඟර වානේ නිෂ්පාදනයකිරීමේ පුරෝගාමියා වුයේ වානේ සංස්ථාවයි. මෙම වානේ කම්බිවල විශේෂත්වය වූයේ පෙර පැවති ශක්තිය මෙන් දෙගුණයක ශක්තියක් ඇඹරීම හෙතුවෙන් වානේ කබ්බියේ අන්තර්ගතවීමයි.
1993 වසරේ දී වානේ සංස්ථාවේ අයිතිකාරිත්වයේ වෙනසක් සිදුවිය.